Pages

තවත් පොඩි විස්තරයක්

Monday, April 30, 2012 0 comments
කාලයක් තිස්සෙ remote linux machine එක්ක වෙනමමත් ගෙදර තියෙන desktop machine එකෙන් වෙනමත් වැඩ කරල තිබුනට, ගෙදර තිබුන machine එකට remote ලොග් වෙන්න හේතුවක් තිබුනෙ නෑ. මගේ windows laptop එකේ 3GB විතර ලොකු ෆයිල් එකක් තිබුනා. Windows වලින් file share කරල මේක pc එකට ගන්න හැදුවට හරියන්නෙම නෑ. 500MB විතර ගිහින් වැඩේ නතර  වෙනව. ඊට පස්සෙ තමා කල්පනා උනේ මේක ftp කරන්න. සාමාණ්‍යයෙනුත් FTP කරන්න පාවිච්චි කරන්න filezilla එහෙමත් තියෙන නිසා අවුලක් වෙයි කියල හිතුවෙ නෑ.
ඉතින් සුපුරුදු පරදි. lap එකේ ඉදන් ssh: කරා කියමුකො ubuntu වලට, ඒත් වැඩේ හරියන්නෙම නෑ. ඉතින් මුලින්ම ඉගෙන ගත්තු දේ තමා ඒකටන් ssh server එක  install කරගන්න ඕනෙ කියන එක. නැතුව සරලව ගත්තු ගමන් ssh කරගන්න බෑ (client නං default ඉන්නවද කොහෙද ). දැන් අවුලක් නැතුව remote log වෙලා වැඩ කරගන්න පුළුවන් වෙන machine එකක ඉදන්.
මගේ Home directory එකේ තියෙන්නෙ 300MB විතර. ඉතින් සරලම 2GB file එක home එක උඩට දාල බෑ. ඉතින් මතක් උනා symbolic links.
Mount කරගත්තට පස්සෙ ලොකු windows drive එකක්.

ln -sf /media/Media/ProgramFiles/mostwanted Most

දැන් /home/kanishka/Most එකට දාන ඒව ගානට ඉඩ තියෙන Media drive එකේ program files වලට යනව. මේක ඉතින් root වල ඉදන් mount වෙච්ච තැනට යැව්වත් හරියයි. හැබැයි කට්ට්ක් කන්න වෙයිද මන්දා,,home එකට එලියෙන් නිසා. එහෙත් නැත්තං drive එක home/kanishka ඇතුලෙ dubdirectory එකකට mount කරත් ගොඩ යයි.
මේ ඔක්කොම කරගත්තට පස්සෙ Filezilla connect කරන්න ගියාමත් අර වගේම අවුලක් ආවා SSH ගැන උගත් පාඩමෙන් මේකට ftp server එකත් දාගන්න ඕනෙ කියල හිතල දාගත්තා කියමුකො. තාම වැඩේ ගොඩ ගියේ නෑ.

vi /etc/vsftpd.conf

open කරගන්න ftp config file එක. හරියටම ශුවර් නෑ හරිගියේ මොකෙන්ද කියල. කෙලවරක ඉදන් නම කියවල uncomment කරා.
anonymous_enable=YES
write_enable=YES
anon_mkdir_write_enable=YES
dirmessage_enable=YES

Config File එක කියෙව්වම තේරෙනව ඔය ටික නැත්තං connect වෙන්න බැ කියල. පේන විදියට මේක default configure කරල තියෙන්නෙ file ගන්න මිසක් ඇතුලට දාන්න නෙමෙයි. ඒ අතින් කරපු වැඩේ වැරදියි, මොකදට serve කරන්න ඕනෙ එකා ඉන්නෙ ලැප් එකේ.කොහොම හරි වැඩේ කරගන්නනේ ඕනෙ.
දැන් සරලමව lap එකේ ඉදන් filezilla දාල ලිනක්ස් වල symbolic link එක හරහා අදාල ස්ථානට අවශ්‍ය file එක යවාගන්න පුළුවන්. :)

Windows password සමඟ Ubuntu

Sunday, August 21, 2011 0 comments
මේ දවස් වල විභාගෙ උනාට එක එක ඒවට අදහස් පහල වෙන්නෙත් මේ දවස් වලම තමයි. කොහොම කොහොම හරි අපිට ගෙදරදි හරි, පිට ස්ථානයකදි හරි windows Admin privileges ඕනෙ අවස්ථා එන්න පුළුවන් (ගෙදරදි සාමාණ්‍යයෙන් තියෙනව ;)). හැබැයි අයිති කාරයා දැනගන්නත් බෑ නැති අතරේ අපි වැඩ කරගත්තා කියල(Software එකක් install කරගන්නව වගේ අහින්සක වැඩ). මේ වෙලාවට තමා ubuntu මතක් වෙන්නෙ. ඕනෙ linux distribution එකක් වැඩ. මං මේක කරේ දාල තියෙන ubuntu installation එකකින්. Live CD එකකිනුත් කරගත්තා නං තමා ප්‍රයෝජනේ පැහැදිලි වෙන්නෙ. Linux sudo password තියෙනව නං windows admin මොකටද ;).
කොහොම කොහෙම හරි වැඩේ හරි සරලයි. පුදුමයි. යන්න තියෙන්නෙ windows password file එක තියෙන තැනට. අපේ /etc/passwd වගේ එක.
cd /media/D0EA1415EA13F686/Windows/System32/config
ඔතන තියෙනව නේද SAM කියල file එකක්. ඒක තමා භාන්ඩේ.
ටූල් පොඩිත්තක් තියෙනව install කරගන්න.
sudo apt-get install chntpw
දැන් ඉතින් වැඩේ ගොඩ වගේ තමයි. මුලින්ම list කරල බලමු කට්ටියව.
kanishka@kanishka-desktop:/media/D0EA1415EA13F686/Windows/System32/config$ chntpw -l SAM
Failed logins before lockout is: 0
Minimum password length        : 0
Password history count         : 0
| RID -|---------- Username ------------| Admin? |- Lock? --|
| 01f4 | Administrator                  | ADMIN  | dis/lock |
| 01f5 | Guest                          |        | dis/lock |
| 03e8 | Kanishka                       | ADMIN  |          |

හරි Kanishka ට තමා වැඩේ දෙන්න තියෙන්නෙ. (මට මගේම පාස්වර්ඩ් එක අමතක උනා කියමුකො)
kanishka@kanishka-desktop:/media/D0EA1415EA13F686/Windows/System32/config$chntpw -u Kanishka 
SAM


1 - Clear (blank) user password
 2 - Edit (set new) user password (careful with this on XP or Vista)
 3 - Promote user (make user an administrator)
(4 - Unlock and enable user account) [seems unlocked already]
 q - Quit editing user, back to user select

Select: [q] > 2
New Password: 123
Password changed!
මතක ඇතුව config directory එක කොපි කරල තියාගන්න හොදේ. මේව කරන්න කලින්. හේතු දෙකකට. වැඩේ දෙල් උනොත් කලින් තිබුන තත්වෙට පත් කරගන්න ඕනෙනෙ. අනික අපිට ඕනෙ වැඩේ ඉවර උනාම තිබුන තත්වෙට පත් කරල යන්න ඕනෙ.Windows 7 පද්ධතියේ මේක කරදරයක් නැතුව වැඩ කරා. අර පරණ config directory එක ආයෙ දාන්න. (ඒක නං කරල බැලුවෙ නෑ. කරන්න දේකුත් නෑනෙ. ). password reset කරනවට අමතරව password අයින් කරන ඒව එහෙමත් කරගන්න පුළුවන්. ඔය උඩ තියෙන්නෙ list එක. මේකට hint එක ලබා දුන් චමින්ද ඉන්දික සහෝදරයාට ස්තූතිය. ;)

Ubuntu Repository එකක් හදාගන්න

Thursday, July 21, 2011 2 comments
Windows වල තිබුන එක වාසයක් තමයි, windows අළුතින් දාපු ගමන් /software/ එක ඇතුලෙ තියෙන .exe ටික කෙලවරක ඉදන් install කරගෙන යාමේ පහසුව. Ubuntu වල හැම තිස්සෙම software අළුත් වෙනව තමයි. ඒත් හැම තිස්සෙම apt-get වලින් download කර කර install කරන එක කරදරයක්. යන වෙලාව තමයි ලොකුම ගැටළුව. විශේෂයෙන්ම කලින් තිබුන release එකම නං බොහෝවිට අළුතින් download කරල install කරන එක තේරුමක් නෑනෙ. ඉතින් එක පාරක් download කරල ඒක save කරල තියාගත්ත නං ආයෙ පාරක් ප්‍රයෝජනයට ගන්න ඒක සෑහෙන උදව්වක් වෙයි. 
Synaptic package manager ගෙ  tools-> preferences වල  තියෙනව keep all downloaded packages in cache කියල option එකක්. ඒක enable කරන්න. (මං ඒක කලින් කරල තිබුනෙ නැ. ඒත් කෑෂ් එකේ සමහර deb file ඉතුරු වෙලා තිබුනා ). දැන් මේ විදියට තමුනට අවශ්‍ය file download කරල install කරගන්න තියෙන්නෙ. ඔක්කොම /var/cache/apt/archives ඇතුලෙ ඉතිරි වෙලා තියෙයි.  Deb file ටිකක් නෙ. මොන මොනව හරි කොහොම හරි කරගන්න පුළුවන් වෙයි. :). 
දැන් 
  sudo apt-get install apt-utils
  sudo apt-get install dpkg-dev
kanishka@kanishka-desktop:/media/Data/softwares/software_linux$ sudo gedit /bin/autorepo
මේක ඉතින් කොහේ හදාගත්තත් එකයි. /bin එකේ තිබුනම execute කරන්න ගියාම ලේසිනෙ. 
#!/bin/bash
sudo dpkg-scanpackages . /dev/null | gzip -9c > Packages.gz
sudo dpkg-scansources . /dev/null | gzip -9c > Sources.gz
මේ script එක දාන්න ඒක ඇතුලට. 
දැන් අර deb ටික save වෙච්ච තැන තියෙනවනෙ එතනට ගිහින් (cd)
kanishka@kanishka-desktop:/media/Data/softwares/software_linux$ autorepo
dpkg-scanpackages: warning: Packages in archive but missing from override file:
dpkg-scanpackages: info: Wrote 39 entries to output Packages file.
අළුතින් file දැම්මට පස්සෙත් මේක කරන්න. මේක ඕනෙ වෙන්නෙ නැවත install කරන්න යද්දි. 
---------------------------------------------------------------------------------------

දැන් ඉතින් බලමුකො මේක add කරන විදිය. මාත් මේක එක පාරයි කරේ. ඒත් එකක් එක්ක විතරයි. (google chome එක්ක). 
අපේ repository එක apt ට දෙන්න ඕනෙනෙ. 
kanishka@kanishka-desktop:/media/Data/softwares/software_linux$ sudo gedit /etc/apt/sources.list

deb file:///media/Data/softwares/software_linux lucid partner

මෙතන partner කතා දැම්මෙ නැත්තං මේක හරියට load වෙන්නෙ නැ. lucid කියල තියෙන්නෙ distribution එක.
|-directory_with_debs
|-dists/lucid/partner/binary-i386/Packages.gz
|-dists/lucid/partner/binary-i386/Sources.gz
මේ විදියට අර autorepo run කරාම හැදුන file දෙක දාගන්න. deb ටික තියෙන්නෙ අර මුලම එකේ. Packages.gz හැදුනෙත් ඒක ඇතුලෙ. අර විදියට දාගන්න ඕනෙ. මේ විදියට බලාගත්තෙ error messages කියවලා, මීට වඩා ලෙසි විදියක් තියෙනව නං දන්නා කෙනෙක් කියලා දෙත්වා.
දැන් ඉතින් sources list එකේ තියෙන අනිත් ඒව comment කරල දාන්න. නැත්තං synaptic package manager එකෙන් untick කරල දාන්න. 
දැන් synaptic package manager හරි apt වලින් හරි software select කරල install කරගන්න. Download වෙන්න යන වෙලාව ඉතුරු වෙනවා. 
හැබැයි මේක කරේ මං කිව්ව වගේ google chrome එකට විතරයි ඒකත් apt-get කරපු එකක් නෙමෙයි. සයිට් එකෙන් බාපු එකක්. හැබැයි ඕනෙ කරන dependency වගයක් නං තියෙන්න ඇති. 
මේක හැම එකකටම හරියනවද කියලවත් මේක ubuntu ඊලග release එක දාන විදියවත් බැලුවෙ නෑ. 
සෑහෙන උදව්වයික වෙයි මේක http://ubuntuforums.org/showthread.php?t=42862

Latex table එකකට multi column සහ wrapping

Sunday, May 22, 2011 0 comments
Latex වලින් table දාන්න යනව කියන්නෙ පණ යන වැඩක් ඉතින්. ඒත් කරන්න ඕනෙ නං කොහොම හරි කරන්නම එපෑ. පොඩි ටේබල් එකක් නං ගහගත්ත කියමුකො. කේස් යන්නෙ multiple column වලට යන row එහෙම තියෙනකොට සහ text wrapping ඕනෙ වෙලාවට.
http://en.wikibooks.org/wiki/LaTeX/Tables
ඇත්තම කිව්වොත් ඕනෙ කරන හැම දෙයක්ම තියෙනව ඔය ලිනක් එකේ. කියවන්න කම්මැලි කමක් නැත්තං :)

සුළු වැඩක් තියෙන්නෙ ඔය වගේ එකක් හදාගන්න.








\begin{tabular}{|l|p{3cm}|l|l|l|l|}
\hline
\multicolumn{2}{|c|}{Question}&
\multicolumn{4}{|c|}{Avaiable options}
\\\hline
%% row 1
Q1
&
Age
&
 \textgreater 16
&
16-20
&
21- 25
&
26 - 30
\\\hline
================================
මෙතනදි  tabular කියල කියන එකේ l කියන්නෙ left aligned column p{3 cm}, 3 cm පලල තියෙන paragraph එකක් වගේ column එකක්. ඒ කියන්නෙ ඊට වඩා දිග උන ගමන් ඊලග line එකට යනව
multicolumn වල මුල parameter එක කියන්නෙ කීයක් columns දක්වා විහිදෙනවද යන බව alignment එක සහ අගය.
පොඩි කාරනාවක්. :)

Network එක ටික ටික ලොකු උනොත්..........

Wednesday, May 18, 2011 0 comments
අපේ කලින් තිබුන network එක නං ඉතින් අතින් ලියල ඔක්කොම ගොඩ දැම්මා කියමුකො. ‍මහ ලොකු දෙයක් නෑනෙ. Router දෙකයි දෙකටම අල්ලලා ip route දෙන්න තියෙන්නෙ. හැබැයි ටික වෙලාවකින් වැඩේ මේ ‍වගේ උනොත් මොකද වෙන්නෙ (fig:network ආකාරයට). දැන් උනත් ඉතින් එච්චරම ලොකු කතන්දරයක් නෑ.
fig:network
fig:network ip
Network 4 ක් තියෙනව. router 3 ක් එක්ක. ඕනෙ නං ඉතින් අතින් හදන්න පුළුවන්. හැබැයි මේ වැඩේ හැමදාම කරන්නත් බෑනෙ. ලොකුම කරදරේ තමයි මේව සැරින් සැරේ වෙනස් උනොත් හැම router එකේම හදන්න ඕනෙ. ඒ වගේ වෙලාවට network තියෙන තැනුයි ඒවට යන පාරයි (හොදම පාර), හොයාගන්න තමා routing protocols කියල ජාතියක් තියෙන්නෙ. :) ඔය A,B network දෙක අපේ පරණ ඒවම තමයි. මං අළුතින් තව දෙකක් එකතු කරා එක router එකක් දාල. ඒක කඩපු විදිය බලමු ඉස්සර වෙලාම. පැටලෙන්නෙ නැති වෙන්න මේ වගේ එකක් ඇන්දා fig:network ip. විස්තරේ තමයි. 0 ඉදන් 16 වෙනං එක network එකක් 16-32 එකයි. 48-64 එකයි. අපේ අර VLSM නිසා ‍terminal දෙකක් විතරක් ‍එන ඒව දෙකකුත් හැදුවනෙ ඒව 32 ඉදන් 48 ‍වෙන කං එන සෙට් එකෙන් ගන්නවා 36-40 එකයි. ඒක තමයි මුල ඉදලම තිබුනෙ. 40-44 තමා අනිත් එක. (40 කියන්නෙ network එක. ඒක assign කරන්න බෑ 41 හැක. 42 හැක. 43 broadcast වලට අවශ්‍යයි ඒක නිසා නොහැක. 44 ඉතින් අනිත් network එක). මේ විදියට කඩනවද නැද්ද කියල නං මං දන්නෙ නෑ සම්ප්‍රදායක් විදියට. ගණිතය අනුව නං කරදරයක් නැතුව වැඩ කරන්න ඕනෙ. 
දැන් ඉතින් සුපුරුදු පරදි අර terminal වලට ip address, default gateway එහෙම දීල ගන්න තියෙන්නෙ :). කිසි අවුලක් නෑ
හැබැයි තාම network A ඉදන් D වලට ping කරන්න බෑ. බලන්වත් දෙයක් නෑ. අපි දාපු static route  තියෙන නිසා B වලට පුළුවන්. 
දැන් බලමුකො routing protocol එකක් දාගන්න. මෙතනදි ගන්නෙ මං rip2 කියන එක. තව OSPF, EIGRP තියෙනව. මේක හැම router එකකින්ම සපෝට්. හැබැයි අවුල තමා මුළු routing table එකම update විදියට යවනව තත් 30ට පාරක්. ඉතින් අනවශ්‍ය traffic ගොඩයි.(මෙතන තියෙන්නෙ cisco router වල IOS දාන විදිය.)
එක router එකකට දාන විදිය විතරයි දැම්මෙ. දැන් ඕකම අනිත් ටිකටත් දැම්මම හරි. 
router rip
network 10.20.0.0
මුළු network එක පිටින් දාන්න තියෙන්නෙ. එයා හොයාගන්නව සේරම. හොදම වැඩේ තමයි VLSM support කරනව මේකෙන්. මීට කලින් තිබුන rip1 වල ඒක තිබුන්නෑ. ඉතින් අපේ network එකට දාන්නත් බෑ.
සාමාණ්‍යයෙන් static route එකක් දැම්මොත් ඒ කියන්නෙ අපි අතින් ලිව්ව එක. ඒක admin distance එක අඩුයි routing protocol වලට වඩා.  වෙන කිසිම විදියකින් එන route එකකට වඩා ඒක තමයි router එක පිලිගන්නෙ. නමුත් අපි 150ක් විතර දුන්නනෙ ඒක වෙනස් කරල. ඒ නිසා  මේකෙන් එන ඒව උනත් routing table add වෙනවා. අනිත් ඒව ඉතින් අතින් ලියල නැති නිසා එච්චරයි
මේ තියෙන්නෙ. ඒ විදියට කරල උන වැඩේ. අපේ අළුත් network ඔක්කොම තියෙනව routing table එකේ. එකක් වත් එකතු නොකර. දැන් කිසි අවුලක් නැතුව Ping කරන්න පුළුව්න අර 64 network එකට උනත් මෙතන R අකුරක් දාල තියෙන් Rip කියන එකට වෙන්න ඕනෙ. [120/1],[120/2] කියල නම් කරල තියෙන්නෙ admin distance එකයි (ඒ කියන්නෙ static වල 1 කියල කිව්වෙ ඒක), hops ගානයි. hop ගානෙන් තමා මෙයා තීරණය කරන්නෙ හොදම route එක මොකද්ද කියල. මේක Distant Vector routing protocol එකක් ඒ කියන්නෙ දුරයි (දුර කියන්නෙ hop ගාන මෙයාට අනුව), ආපු interface එක (ආපු දිශාව නිසාද කොහෙද vector කියන්නේ). දැන් ping එකක් දීලබලමු අර ඈතින්ම තිබුන එකට 64 network එකට :) network A වල ඉදන්.
වැඩේ ගොඩ. :). ඊලග දවසෙ මුළු routing table එකම යව යව bandwidth එක කන්නෙ නැති protocol එකක් දාමු. ලොකු ටේබල් එකක් ආවොත් මේක අවුල් වගේ.

පොඩි network දෙක අතර ping කරමු

Monday, May 16, 2011 0 comments
අපේ කලින් network දෙක සම්බන්ධ කරගත්තට ip දාල, ping කරල බැලුවොත් පෙනෙයි පිටතම Interface එකට වෙනකං ping වෙනව එතනින් එහාට නෑ කියල. ඒ කියන්නෙ 10.20.0.37 වෙනකං ping වෙනව 38 ට වෙන්නෑ. හේතුව තමයි අර කලින් කිව්ව විදියට 10.20.0.1 දන්නව 37 ඉන්න තැන ඇයි එයාට කෙලින්ම ඉන්න එක්කෙනාට කෙලින්ම සම්බන්ධ වෙලා තියෙනවනෙ. default gate way එක කියල කියන්නෙ එයාට(router 0)‍ට. එයා දන්නව 38  කවුද කියල. හැබැයි 38 ට කියනව 10.20.0.0 ට යවන්න එයාට default gate way කියල එකක් නෑනෙ ඉතින් අනිත් පාර reverse route වෙන්නෙ නැ. ඕක තමා අවුල. 
ඕක දෙපැත්තටම පොදුයි. අපි ගත්තොත් network B එකේ තියෙන කෙනෙක්ට බෑ network A එකට කතා කරන්නත්, මොකද එයාගෙ default gateway එක, ඒ කියන්නෙ 10.20.0.38 දන්නෑනෙ අනිත් network එක ඉන්න තැන. මේ විදියට ඉන්න තැන හොයාගන්න routing protocols තියෙනව තමයි. ඒත් මේක පොඩි එකක් නිසා අතින්ම කරන්න පුළුවනි. static routing තමයි ඉතින්
(පින්තූරෙ මත ක්ලික් කරන්න පැහැදිලිව බලාගන්න. )command එක ip route network mask target_interface priority
priority  එක 150ක් විතර දීල තියෙන්නෙ නැත්තං පස්සෙ වෙලාවක routing protocol එකක් දැම්මොත් ඒක වැඩ කරන්නෙ නැතුව යනව. static route එකක default priority එක 1යි මට මතක විදියට. දැන් 150 කියල දුන්නම වෙන එකක් දාතැහැකි, routing protocol එකකින්.  දැන් ping කරල බලමුකො.
ping එක හරි ගියපු එක fig:pin success වල ඇති.  (මේ pc0 ඒ කියන්නෙ network A වල මුල්ම එක)
මේක නං පොඩිම පොඩි ලිපියක් ඉතින්. ඊලග ලිපියෙන් routing protocol එකක් දාල බලමු ටිකක් ලොකු network එකකට. 
fig:ping success


පොඩි network එකක් හදාගැනීමේදි සැලකිය යුතු කරුණු

Sunday, May 15, 2011 2 comments
මේ දවස් වල විශ්වවිද්‍යලයෙ ව්‍යාපෘතිය නිසා කාලෙකින් ලිපියක් ලියන්නත් බැරි උනා. කොහොම කොහොම හරි වෙලාව හොයාගත්තා පොඩි ලිපියක් ලියන්න. පොඩ්ඩක් ජාල ගත කිරීම් ගැන දැනුමක් ඕනෙ මේ ලිපිය ගැන බලන්න නම්. අපි මේ පාර කතා කරන්න හිතුවෙ පොඩි network එකක් හදන විදිය ගැන. එතනදි LAN දෙකක් router එකක් හරහා කෙලින්ම සම්බන්ධ වෙන‍ දේ තමයි ඉතින් වෙන්න පුළුවන් සරලම දේ ඉතින්. (එක LAN එක අත‍රෙ සම්බන්ධකම් ඇරුනහම). මේ සදහා මං පාවිච්චි කරේ මට දැනට හම්බෙලා තියෙන හොදම router simulator එක Cisco Packet Tracer. (මේක මට හදුන්වාදුන් නිපුන් කුලරත්න සහෝදරයාට ස්තූතිය) මේක BOSON හරි වෙන මං දැකල තියෙන ‍හැම router simulator එකකටම වඩා ක්‍රියාකාරීත්වයෙන් සම්පූර්ණයි.

මේ තියෙන්නෙ ඒකෙ ‍මුහුණත. අපි කතා කරන්න යන network එකත් එක්ක.

(පින්තූරය මත ක්ලික් කරන්න පැහැදිලිව බලාගනීමට).
 මේකෙන් network එකක් හදාගන්න හරිම ලේසියි. බැලූ බැල්මටම පේනව. අර පහල වමින් තියෙන pallet එකෙන් අරගෙන දාන්න තියෙන්නෙ client terminal වල ඉදන් router, switch ඔනෑම දෙයක්. 
පස්සෙ ක්ලික් කරන්න තියෙන්නෙ ඕනෙ කරන ඔනෑම උපාංගයක් මත. එතනින් තොරගන්න CLI (command line interface). නැත්තං GUI එකක් පවා තියෙව පොඩි ‍පොඩි configuration වලට. :)

 මුලින්ම බලමුකො network එක හදන්න හිතන් ඉන්න විදිය. මෙතනදි VLSM (variable length subnet mask) පාවිච්චි කරන්න කියල කල්පනා කරේ. සාමාණ්‍යයෙන් ඉතින් network එකක තියෙන්න ඕනෙ ip address ගානයි network ගානයි කල්පනා කරල. network ගාන වැඩි වෙන කොට දාන්න තැනක් නැති‍ වෙන්න පුළුවන් කියන ප්‍රශ්නෙයි. එක නෙට්වර්ක් එකක පාවිච්චියට ඕනෑවටත් වඩා ip තියෙන්න පුළුවන් කියන ප්‍රශ්නෙයි ගත්තම VLSM තමා උත්තරේ. එක එක mask දීල අපි ඕනෙ කරන ප්‍රමාණයට network එක හදාගන්නව. (network දෙකක් අතර ip address වල දුරක් තියාගෙන කරොත් පස්සෙ network එකේ terminal ගාන වැඩිකරගන්නත් පුළුවන් ඕනෙ නං).
හරි ඒක තමා VLMS වල කතාව. දැන් බලමුකො ඒකට අනුව network එක හදන්න. 
හිතේ තිබු‍නෙ මෙහෙම. network දෙකක් තියෙනව එකක end device 10 ක් විතර තියෙන විදියට. ඊට පස්සෙ router දෙක අතර තියෙනව network එකක් interface 2 ක් විතරක් තියෙන. අන්න VLSM වල ප්‍රයෝජනෙ දැන් ඒ network එකකට machine 10 දාන network එකක් දැම්මනං අපරාදෙනෙ. (10 ක් බෑ 16-2යි). ගාන හදන විදිය ඉතින් මං කියන්න යන්නෙ නෑ මෙතන. අපි ගමුකො network එක 255.255.0.0 ජාතියෙ එකක් කියල. ලොකු network එක. අපිට ඕනෙ 10 නෙ ඉතින්. ඒකියන්නෙ ලොකු network ගානක් එනව අඩු terminal ගානක් එක්ක. මේක ඉතින් අනිවා යන්නෙ අන්තිම octal එකට ඒ කියන්නෙ 255.255.255.xxx මොකක් හරි ඔය අන්තිම එකෙනුත් කෑල්ලක් අපිට දෙන්න පුළුවන් Network එකට. ගාන හදල බැලුවම තේරෙයි. 240 කිව්වම හරියනව කියල 256-240=16. විදියට ගත්තම අපිට network ටික හිතෙන් උනත් හදතැහැකි. 0, 16, 32, 48,.... ආදී වශයෙන්. මං ඉතින් කල්පනා කරා ඔය මුල network දෙකමට දෙන්න කියල අපේ network දෙකට ඒ කියන්නෙ 0 යි 16යි. අපි ‍බොරුවට හිතුවොත් network එක 10.20.0.0 කියල අපි 3 වැනි එකත් වෙනස් කරන්නැතුව ගත්තොත් 10.20.0.0 කියන එකයි 10.20.0.16 කියන එකයි තමා network දෙක. ඔය 3 වැනි එකත් එන්න පුළුවන් 0 සිට 255 දක්වා ඒව වෙන වෙනම network අපි මේ දෙක විතරයි ගත්තෙ. මතකනෙ අපිට ඕනෙ ටික විතරක් අරං ඉතුරු ටික තියනව තව ඕනෙ තරං network ගහගන්න කියල. :) ඉතින් CLASS B එකක් කියන්නෙ මහගොඩක් තමයි.
හරි දැන් network A කියල නම් කරල තියෙන පලමු machine එකට දුන්නා 10.20.0.2, ඊටපස්සෙ 10.20.0.3, 10,20.0.4 දැන් router එකේ ඒ interface එකත් තියෙන්නෙ network A එකේමනෙ. ඉතින් ඒකටත් ඒ network එකෙන්ම එකක් අරං දුන්නා. 10.20.0.1 සම්ප්‍රදායක් විදියට මුල්ම එක එයාට දෙන එක හොදයි. එතකොට පැටලෙන්නෙ නැ default gateway දෙනකොට එහෙම. (අනිත් කාරනේ හැම terminal එකටම default gateway එක දෙන්න router ip එක). හේතුව ඉතින් දන්නවනෙ network එකෙන් එලියට යන්න එයා පාර දැනගන්න ඕනෙනෙ. ඕක අමතක වෙලා මං හිරවෙලත් හිටියා :).
 router A configure කරන විදිය තමා තියෙන්නෙ 10.20.0.1 ට (පේනනෙ නැත්තං ක්ලික් කරන්න.)
Network B ට අපි දෙනව ඊලග network එක. 10.20.0.16 පිලිවෙලට ගත්තටම router interface, එක 10.20.0.17 අනික් ඒව 18,19,20 හරිනෙ.
router B කරන්නෙත් මේ විදියටම තමා. ඒක දාන්න යන්නෑ ඉතින්. 
දැන් ඉතින් ලේසි ටික ඉවරයි. මොකද අපි තාම පාවිච්චි කරේ FastEthernet interfaces විතරයි. දැන් router දෙකට අපි ගන්න යන්නෙ serial interface එකක්. ඒක තමා කේස් එක :). එකම ජාතියෙ දෙකක් නේ ඒ කියන්නෙ ගන්න වෙන විදියකට ගත්ත නං cross over cable එකක් එන්න ඕනෑ. නමුත් මෙතනද ගත්තා serial DTE cable එකක්. ඒ කියන්නෙ Data Terminal එකක් clocking අපිම දෙන්න ඕනෑ. network එක බලමුකො ඉස්සර වෙලා.interface 2 යි.  ඒ කියන්නෙ /30 network එකක්. (තියෙන්න පුළුවන් ඔක්කොම 32යිනෙ. ඉතින් අන්තිම දෙක අයින් කරාම 0000011 දේවල් 3ක් පුළුවන් එකක් broadcast එක). දැන් 255 ඇතුලට 2 නෙට්වර්ක් මහගොඩක් එන්න පුළුවන්. conflict වෙන්නෙ නැති වෙන්න ඇතින් ගමු.(11111100=252) 256-252=4, ඒ කියන්නෙ network ටික . 0,4,8,12,16,20........ 32,36,40..... ආදී වශයෙන් දැන් අපි මුල ටික කොහොමත් අරංනෙ (ඔක්කොම යන්නෙ තියෙන 255න් තමා VLSM කිව් පලියට වැඩි වෙන් නෑ). හිතුව ගන්න කියල 36 නෙට්වර්ක් එක. interface දෙක 10.20.0.37 යි 10.20.0.38. දැන් හරි.
හැබැයි දැන් show controllers කියල ගහල බැලුවොත් පෙනයි link down protocol up කියල. No clocking කියලත් වැටෙයි. දැන් ඉතින් DCE end එක හොයාගෙන clocking දෙන්න ඕනෑ.ඒක ඔය පහල දකුනෙන් තියෙන රෑපෙන්‍ පේනව.
1000000 ක් විතර දෙන්න ඕනෙ. router දෙකටම දෙන්නෙ නැහැ. DCE විතරයි. දැන් දෙන්නම කියයි line is up කියල ඕක කරන අතරම. show controllers යි show ip interface serial2/0 හරි මොකක් හරි ඒ Interface  එකයි දුන්නම හරි. වැඩේ ගොඩ කියල බලාගන්න පුළුවන්. දැන් ඉතින් network දෙක සම්බන්ධ කරල ඉවරයි. හැබැයි තාම network දෙක අතර ping කරන්න බෑ. :). එකම ඇතුලෙ පුළුවන්. හැබැයි  10.20.0.2 ඉදන් 10.20.0.37 ට ping වෙනව

නමුත් 10.20.0.38 වෙන්නෙ නැහැ. :-o හේතුව තමයි. 10.20.0.1 පුළුවන්හොයාගන්න 38 ව නමුත් 38 දන්නෙ නැහැ 10.20.0.1 ඉන්නෙ කොහෙද කියල. ප්‍රතිචාරයක් දක්වන්න. එයා ආපු පාරට packet එක ආයෙ දාන්නෙ නැහැ. ඒ විදිය. ඇයි ආපු පාරට වඩා හොද පාරවල් තියෙන්න පුළුවන්‍නෙ.
ඒකට ඉතින් ip route එක දෙන්න ඕනෙ router 2 එකට. කොහාටද යවන්න ඕනෙ කියල packet 10.20.0.0 නෙට්වරක් එකට ආවොත්. :). මේ ලිපිය දිග වැඩියි වගේ. ඒක නිසා ඒක වෙන දවසකට. :)
 
Copyright © පොඩ්ඩාගේ ලෝකය..........
Blogger Theme by BloggerThemes Sponsored by Busy Buzz Blogging